“නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට.
කැබිනට් අනුමැතිය ලැබේ.” අනිද්දා පුවත්පත
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්කටයුතු ඉන්දීය සහ ජපාන ආයෝජන ඇතුළත් සමාගමක් සිදු කිරීමට සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නොවැම්බර් නම වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී අනුමැතිය හිමිව ඇති සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කරයි.
අදාල කැබිනට් පත්‍රිකාව, විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඔක්තෝබර් මාසයේ 22 වන දා ඉදිරිපත් කර තිබේ.
අදාල කැබිනට් පති‍්‍රකාවට අනුව, වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සදහා සමාගමක් පිහිටුවීමට නියමිත අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51% ක් සහ ඉන්දීය සහ ජපාන අයෝජන සමාගම්වලට ඉතිරි 49% හිමිවන ලෙසත් එම සමාගම ඉදිකිරීමට නියමිතය.
කෙසේ වෙතත්, ජපාන අයෝජකයා නොඑන බැවින්, 49% ක කොටස් සම්පූර්ණයෙන් ම ඉන්දීය ආයෝජකයාට ලබා දීමට සිදුවනු ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති බවද පුවත්පත වාර්තා කරයි.
What will happen to the Strikers who met PM at his residence at Madamulana? Hoooooooo. Nothing but jump into the Harbor itself.