නාලක සිල්වා රටින් පිට කිරීමේ කුමන්ත‍්‍රණයක්.

0
670
- Advertisement -

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයකට සම්බන්ධ වී යැයි සැක පිට අත් අඩංගුවට ගෙන මෑතක දී ඇප ලබා දුන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා රටින් පිට කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත් වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ රටින් පිටුවහල් කිරීමේ හේතුව ලෙස මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ, ඒ හරහා ඝාතන කුමන්ත‍්‍රණය යට ගැසීමේ අවස්ථාව සැලසෙන බැවිනි. කෙසේ වෙතත්, ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිළිබදව සියලූ තොරතුරු හෙළිදරව් කරන බව ජනාධිපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණු බැවින්, දැන් ඊට කාලය බවද මන්ත‍්‍රීවරයා පවසයි.