තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස ඉල්ලමින්, ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා, 2017 වසරේ දී නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවත්, එම ලිපියට වූවේ කුමක්දැයි මේ වනතුරුත් කිසිවෙකු නොදන්නා බව, උසස් පොලිස් නිළධාරියෙකු උපුටා දක්වමින් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වන විට බන්ධනාගාරගතව සිටියි. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ඔහු විසින් කුමන්ත්‍රණය කරන ලද බවට නාමල් සිල්වා නමැති පුද්ගලයා විසින් කරන ලද හෙලිදරව්වකට පසුවයි.
නාලක සිල්වා ද්‍රෝහියෙක්ද?
0
571