නාලකද සිල්වා තවදුරටත් රිමාන්ඩ්…!

0
617
- Advertisement -

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම යන චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පෙබරවාරි 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අද නඩුව කැදවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින්, නාමල් කුමාර ගේ ජංගම දුරකථයෙන් මකා දමා තිබූ හඩපටවල වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එමෙන්ම, ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් විමල් වීරවංශ, ශෂී වීරවංශ සහ නාමල් රාජපක්ෂ යන අයගෙන් වෙන වෙනම ප‍්‍රකාශ ලබා ගත් බවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.