නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 න් අවසන්. විරෝධතා ගොනු කිරීම 12 ත් 1.30 ත් අතර.

0
379
- Advertisement -

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා පත්‍ර භාර ගැනිම අද දහවල් 12.00න් අවසන්විමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ දිස්ත්‍රික්ක 22 සදහාම අද දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනිම සිදුවන බවයි.

අද දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු  පස්වරු 01.30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී තිබේ.

එම විරෝධතා සලකා බැලීමෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරිවරුන් විසින් අදාල දිස්ත්‍රික්කයන්  සදහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිතයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ස්වාධින කණ්ඩායම් සදහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ දිනයෙන් අවසන් විය.

ඊයේ (18) දිනය වන විට ස්වාධින කණ්ඩායම් 357ක් දිස්ත්‍රික්ක  22 සදහා ඇප මුදල් තැම්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්යායවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්යා ව 36ක්.

ඊයේ දිනය වන විට පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව දේශපාලන පක්ෂ 82ක් නාමයෝජනා භාරදී තිබූ අතර ස්වාධින කණ්ඩායම් 250ක් ද නාමයෝජනා භාරදී තිබුණි.

ada derana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 2 =