නාමල් කුමාර තවත් ප්‍රදේශ කිහිපයකද ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට සුදානමින් සිටි බවට බුද්ධි අංශ වාර්තාක්

0
2014
- Advertisement -

දැනට අත්අඩංගුවේ පසුවන දුෂණ විරෝධි බලකායේ නාමල් කුමාර කුලියාපිටිය, මිනුවන්ගොඩ ප්‍රදේශ වල පමණක් නොව ගාල්ල අම්බලන්ගොඩ දක්වා ද ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට සුදානමින් සිටි බවට බුද්ධි අංශ වාර්තා අනාවරණය කරයි.

මෙම බුද්ධි අංශ වාර්තාව ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් වෙත ලබාදී ඇති බව ද වාර්තා වේ.

පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ ගැටුම් ඇති වු අවස්ථාවේදී එම ප්‍රදේශයට ගොස් සිටි නාමල් කුමාර පසුව මිනුවන්ගොඩ ප්‍රදේශයටත් ඉන් අනතුරුව ඒ හරහා අම්බලන්ගොඩ ගාල්ල දක්වාම ගොස් ඇත්තේ සිය සහචරයන් හමුවෙමින් ජාතවාදී ගැටුම් ඇතිකිරීමට ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් බව මේ වන විට හෙළිවී තිබේ.

මේ සදහා නාමල් කුමාර කළු පැහැති ඩිපෙන්ඩර් රථයක් භාවිත කර ඇති අතර එය ද අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් පරික්ෂ ක්‍රියාත්මක වෙමින් පවතී.

නාමල් කුමාරගේ මෙලෙස ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට පිරිස් සංවිධානය කරමින් ඔහුන් මෙහෙයමින් කුලියාපිටියේ සිට ගාල්ල අම්බලන්ගොඩ දක්වා ගමන් කිරීම සම්පුර්ණයන්ම බුද්ධි අංශ ඉලක්ක වලට හසුවී ඇති අතර ඒ අනුව නාමල් කුමාර අම්බලන්ගොඩ දක්වා ජාතිවාදී ගැටුම් ව්‍යාප්ත කිරීමට අදාළ බුද්ධි වාර්තාවක් වහාම බුද්ධි අංශ විසින් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

එම වාර්තාව කඩිනමින් රජයේ ඉහළ නිලධාරීන් වෙත ද යොමු කර ඇති අතර ජනාධිපතිවරයා චීන සංචාරය අතරතුර නිකුත් කළ එම වාර්තාවේ පිටපතක් ජනපතිට චීනයේ බිජිං නුවර ගුවන්තොටුපලේ දී ම ලබාදීමට පියවර ගෙන ඇත.