නාමල්ට එරෙහි නඩුව ජූලි 22 දාට කල් යයි

0
324
- Advertisement -

නාමල්ට එරෙහි නඩුව ජූලි 22දාට කල් යයි

•අධිකරණ වාර්තාකරු / aruna E paper

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනු කර තිබූ නඩුවක් වැඩිදුර විභාගය සඳහා ජුනි මස 22 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඊයේ (26 වැනිදා) නියෝග කළේය.

එම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය පෙනී සිටියහ.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 22 වැනිදා සිදු කරන බවයි. එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සිව් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරුවරයා විසින් සිතාසි නිකුත් කරන ලදී.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගවර්ස් කෝපරේට් සමාගම සහ එම සමාගමේ අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කළ සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක සහ ඉරේෂා ද සිල්වා ඇතුළු හය දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =