නාමල්ගෙන් කුමාර් සංගක්කාරට සහ මහේල් ජයවර්ධනට ආරාධනාවක්.
ක්‍රීඩාවට අදාල ප්‍රතිපත්ති සම්පාදනයේ දී, ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම පිණිස ස්ථාපිත කර තිබෙන ජාතික ක්‍රීඩා කවුන්සිලය හා එක් වන ලෙසට, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ , කුමර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට ඇරියුම් කර තිබෙන බව වාර්තා වේ.
ක්‍රීඩා නීතියට අනුව, ඔවුන් දෙදෙනාගේ පත්වීම, වසර දෙකක කාලයක් සදහා වලංගු ය. බොහෝ දුරට, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන, මෙම වගකීම භාරගනු ඇති බවට විශ්වාසය පළ වේ.
ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබා දීම ක්‍රීඩා කවුන්සිලයේ වගකීමයි.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට අමතරව, ක්‍රීඩාව නගා සිටුවීම සදහා කැපවී සිටින තවත් වෘත්තියන් කිහිපදෙනෙකුම ජාතික ක්‍රීඩා කවුන්සිලයට අනුයුක්ත කර ගැනීමට නව ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් කරගෙන සිටින බව වාර්තා වේ.