නව යුද හමුදාපති ශවේන්ද්‍ර..!

0
1673
- Advertisement -

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා එළැඹෙන 18 වන දා විශ‍්‍රාම යාමෙන් පසුව, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ භාර ගැනීමට නියමිතය.

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා තමන්ට තවත් සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණද, ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා කැමැත්ත ලැබී නැත.

කෙසේ වෙතත්, මීට පෙර, ජනාධිපතිවරයා ඔහුට සේවා දිගුවක් ලබා දී තිබුණු අතර, එම සේවා දිගුව අගෝස්තු මාසයේ 18 වන දායින් අවසන් වේ.