නවීන්ගේ සහායත් සජිත් ට.

0
974
- Advertisement -

පසුගිය බ‍්‍රහස්පතින්දා රැුස් වූ හදිසි කැබිනට් මණ්ඩලයට, කඩිමුඩියේ ම විධායක ජනාධිපතිදූරය අහෝසි කිරීමේ යෝජනාව ගෙන ඒමත් සමඟ, එක්සත් ජාතික පක්ෂය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට තිබූ පිරිස් බලය අඩු වී සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය වඩාත් බලවත් වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම, මීඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නවීන් දිසානායක අමාත්‍ය වරයා, කැබිනට් රැුස්වීමේ දී අග‍්‍රාමාත්‍ය වරයා ගෙන ආ යෝජනාවට පක්ෂව අදහස් දැක්වීමෙන් වැළකී සිට ඇත. නවීන් දිසානායක අමාත්‍යවරයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදීම සම්බන්ධව රැඩිකල් මත දරනඅයෙකි. එසේ තිබියදීත්, අග‍්‍රාමාත්‍යවරයා කඩි මුඩියේ ගෙන ආ විධායක ජනාධිපතිදූරය අහෝසි කිරීමේ යෝජනාව වෙනුවෙන් අමාත්‍ය නවීන් දිසානායක මහතා පෙනී නොසිටියේ ය.

ඒ අනුව ඉදිරියේ දී නවීන් දිසානායක අමාත්‍යවරයාද සජිත් පිල සමග එකතු වෙනු ඇතැයි, සජිත් වාදීන් බලාපොරොත්තු තබා සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =