නවසීලන්ත මහාමැතිවරණය ඇරඹේ. ජාතිවාදයට නිර්දය ලෙස විරුද්ධ වීම – කොරෝනා මර්දනය ජසින්ඩා ගේ ජය තහවුරු කරනු ඇත.

0
334
- Advertisement -

නවසීලන්ත මහාමැතිවරණය ඇරඹේ.
ජාතිවාදයට නිර්දය ලෙස විරුද්ධ වීම – කොරෝනා මර්දනය
ජසින්ඩා ගේ ජය තහවුරු කරනු ඇත.

නවසීලන්ත මහා මැතිවරණය මේ වන විටත් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට බලයේ සිටින අගමැතිනී ජසින්ඩා ගේ පක්ෂය මෙවරත් ජයගනු ඇති බවට විශ්වාසය පළ වේ. විශේෂයෙන් ම කොරෝනා මර්දනයේ දී ඈ දැක් වූ බුහුටිබාවය මෙවර ඇගේ ජයග්‍රහණයට මගපාදනු ඇත.

කෙසේ වෙතත්, බලයට පැමිණීම සදහා ජසින්ඩාගේ කම්කරු පක්ෂය ලබා දුන් පොරොන්දු – කඩවුණු පොරොන්දු බවට පත්ව ඇති බවටද චෝදනා එල්ල වී තිබේ. නිවාස ලක්ෂයක් ඉදිකිරීම, දරුවන්ගේ සුබ සාධනය ආදී දේ පිළිබදව ඈ ලබා දී තිබෙන කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට ඇය අසමත්ව තිබිය දී ත්, කොරෝනා මර්දනය කිරීමට හැකි වීම සහ ජාතිවාදය එක හෙළා ප්‍රතික්ෂේප කිරීම යන කරුණු මත මෙවරද ඇය ජය ගනු ඇති බවට අනුමාන කරයි.

ඒ නමුත්, මුල් වතාවේ දී ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා මෙවර ඇය නායකත්වය දෙන කම්කරු පක්ෂයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව අඩු විය හැකි බවද පැවසේ.