නවසීලන්ත ජනමත විචාරණයේ ප්රතිඵළය;
මරණය වැළද ගැනීමට අවසර දිය යුතුයි.
නමුත් කංසා නීතිගත නොකළ යුතුයි.
සුවකළ නොහැකි දරුණු රෝගයකින් පෙළෙන්නේනම්, වේදනාවකින් තොර මරණයක් අත් කර ගැනීමේ අයිතිය ඔහුට හෝ ඇයට හිමිවිය යුතු බවට, නවසීලන්ත ජනතාවගෙන් වැඩි ප්රතිශතයක් එකග වී තිබේ.
ඒ, ඒ සම්බන්ධයෙන් පවත්වන ලද ජනමත විචාරණය සදහා 65.2% ක ප්රතිශතයක බහුතරයක් ඡුන්දයක් ලබා දෙමිනි.
ඒ සමගම, කංසා නීතිගත කිරීම පිිළිබදව ජනමතවිචාරණයකට නවසීලන්ත රජය ගිය අතර, 53.1% ක ප්රතිශතයක් පවසන්නේ, කංසා නීතිගත කිරීම නොකල යුතු බවයි.