නවසීලන්ත අගමැතිනිය; කාර්යාලය සේවිකාවක සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ අමාත්‍යවරයා ධූරයෙන් නෙරපයි.

0
1548
- Advertisement -
Share

නවසීලන්ත අගමැතිනිය;
කාර්යාලය සේවිකාවක සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ
අමාත්‍යවරයා ධූරයෙන් නෙරපයි.

තමන් යටතේ පැවති දෙපාර්තමේන්තුවක කාර්ය මණ්ඩල සේවිකාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගත් අමාත්‍යවරයෙකු, සිය අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය තීරණය කර තිබේ.

අනියම් ඇසුර හේතුවෙන් සිය අමාත්‍යධූරය අහිමිකරගෙන ඇත්තේ, ලීස් ගැලෝවේ නමැති අමාත්‍යවරයා ය. ඔහු සහ අදාල සේවිකාව සමග සම්බන්ධය මාස දොළහක් තිස්සේ පැවතී තිබේ.

කිසියම් පුද්ගලයෙකු තවත් අයෙකු සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අදාල කාර්යයක් බව තමන් පිළිගන්නා බව පවසා ඇති අග්‍රාමාත්‍යවරිය, ඒ නමුත් ලීස් ගැලෝවේ ගේ කාරණය සුවිශේෂ බව ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව වන්නේ- අදාල අමාත්‍යවරයා, සේවා ස්ථාන සබඳතා සහ ආරක්ෂාව බාර අමාත්‍යවරයා වීමයි.

අදාල අමාත්‍යවරයා, හතලිස් එක් හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවද පැවසේ. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය සදහා ඔහු ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 7 =