නවසීලන්තයට අසාධාරණයක් වුණාද..?

0
846
- Advertisement -

1975 වසරේ එංගලන්තයෙන් ආරම්භ වී මේ වන විට දශක හතරකටත් වඩා වැඩි ඉතිහාසයක් සහිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ විශිෂ්ඨතම තරඟය ඊයේ දිනයේ දී පැවැත් විණ.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර පනහ අවසානයේ ලකුණු 241 ක් රැුස්කරගත් අතර, සිය ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූ වේ ද ලකුණු 241 ක් පමණි. ඒ අනුව, එදා මෙදා තුර ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ ඉතිහාසයේ ලකුණු සමවීමෙන් නිමාවට පත් වූ එකම තරඟය බවට ඊයේ තරගය පත් විය.

ජයග‍්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම සඳහා, අමතරව යැවූ සුපිරි පන්දුවාරයේ දී මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් රැුස්කරගත් අතර, සුපිරි පන්දුවාරයේ දී නවසීලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූවේ ද හරියටම ලකුණු 15ක් පමණි.

අවසානයේ දී වැඩිම හතරේ පහර සහ හයේ පහර ප‍්‍රමාණයක් එල්ල කළ කණ්ඩායමට ලෝක කුසලාන කිරුළ ලබා දිය යුතු යැයි තීරණය විය. ඒ අනුව, හතරේ පහර සහ හයේ පහර 24 ක් එල්ල කර තිබුණු එංගලන්ත කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ කිරුණ හිමි විය. නවසීලන්ත කණ්ඩායම එල්ල කර තිබුණේ හතර පහර 14 ක් පමණි.

මේ එන්ගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ලෝක කුසලානය හිමි කර ගත් පළමු අවස්ථාවයි.