නරක් වූ පලතුරු යොදා බීම සැකසූ පිටකොටුවේ කඩ 2කට දඩ – 7 කට නඩු

0
614
- Advertisement -
Share

පිටකොටුවේ ඉවත දමන නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් දෙකක හිමිකරුවන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා රුපියල් 5,000 බැගින් දඩයක්ද නියම කර, දැඩි ලෙස අවවාද කළ බව කොළඹ මහනගර සභාවේ නාගරික ආහාර පරීක්ෂණ ලාල් කුමාර මහතා පවසනවා.

නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් වැටලීම සඳහා කොළඹ මහනගර සභාව ආරම්භ කළ මෙහෙයුමකදී, කොටුව දුම්රියපළ ඉදිරිපිට පාලම යට පවත්වාගෙන ගොස් තිබූ මෙම බීම අවන්හල් හඳුනාගෙන නඩු පවරා තිබෙනවා.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාට ලැබී තිබූ පැමිණිලි ගණනාවක් මත ඒ මහතාගේ උපදෙස් පරිදි පිටකොටුවේ අවන්හල් 40ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම ගැන හෙළිවී තිබෙනවා.

මේ අතර කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පිටකොටුව, ඕල්කට් මාවතේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් පවත්වාගෙන ගිය හෝටල් 7කට නඩු පවරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + nineteen =