නන්දිකඩාල් වීරයා සිංහල දරුවෙකුගෙන් පළි ගනී.

0
616
- Advertisement -

මුල් පෙලේ ජාත්‍යන්තර පාසලක පරිපාලන අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, නිසි වේලාවට පාසල් ගාස්තු නො ගෙවීමේ චෝදනාව මත අදාල පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු පාසලෙන් ඉවත් කර තිබේ.
මෙම ඉවත්කිරීමට එරෙහිව දරුවාගේ දෙමාපියන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර, මානව හිමිකම් කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ පෞද්ගලික පාසල් අධ්‍යක්ෂක, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනිය සහ මිරිහාන පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, යන අය කොමිසම හමුවට කැදවා තිබේ.
අදාල පාසලේ පාසල් ගාස්තු හිටි හැටියේ ඉහළ ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති අතර, එම හේතුව නිසා, බොහෝ දෙමව්පියන් අපහසුතාවයට පත් ව තිබේ. පාසලේ පරිපාලන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන කමල් ගුණරත්න මහතා, අදාල පාසල තුළ දරදඩු පාලනයක් ගෙන යන බවටද චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + seventeen =