නන්දිකඩාල් වීරයාගේ වීරවික‍්‍රම එළියට…!

0
647
- Advertisement -

ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසලක පරිපාලන අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන විශ‍්‍රාමික හමුදා නිළධාරී, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා එම පාසලේ සිසු සිසුවියන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස සලකා ඇති බව වාර්තා වේ. මෙසේ අමානුෂික සැලකුම් ලබන්නට දරුවන් කර ඇති වරද වී ඇත්තේ නිසි වේලාවට පාසල් ගාස්තු නොගෙවීමයි. අදාල සිදුවීම සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමව්පියන් විසින් මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලීසිය නිසි පියවර නොගත් බව සදහන් කරමින්, දෙමාපියන් විසින් පොලිස් කොමිසම හමුවේ කරුණු දක්වා තිබේ.
පොලිස් කොමිසම දෙමාපියන්ගේ පැමිණිල්ල නිසි ලෙස විභාග කරන ලෙසට මිරිහාන පොලිසිය දැනුවත් කර ඇත.
තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට මහ මගදී පහර දුන් බවටද මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට එරෙහිව පැමිණිල්ලක් තිබේ.