නඩුවට පෙනී සිටීමට ගෝඨා පැමිණෙයි.

0
751
- Advertisement -

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාත‍්‍රී 11.45 ට පමණ යළි දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගතව සිටීමට අධිකරණයෙන් අවසර දී තිබුණේ ජූලි මාසයේ 24 වන දා දක්වා පමණි.

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමෙන් මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව, විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ එළැඹෙන 26 වන දා සිට විභාග වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − one =