නගරාධිපති අත් අඩංගුවට ගන්නවා ද නැද්ද? අභියාචනාධිකරණ තීන්දුව හෙට.

0
187
- Advertisement -
Share

නගරාධිපති අත් අඩංගුවට ගන්නවා ද නැද්ද ?
අභියාචනාධිකරණ තීන්දුව හෙට.


දෙවන බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ඓතිහාසික ගොඩනැගිල්ල ඩෝසර් කිරීමේ සිදුවීමට අදාලව, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව යන අය අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව අභියාචනාධිකරණය හෙට දිනයේ දී ගැනීමට නියමිත බව වාර්තා වේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවට අදාලව, නගරාධිපති තුෂාර සංජීව අත් අඩංගුවට ගන්නා ලෙස, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අගෝස්තු 07 වන දා වරෙන්තු නිකුත් කළ අතර, පසුව නැවත අගෝස්තු 10 වන දා ද වරෙන්තු නිකුත් කරන ලදී.

කෙසේ වෙතත්, අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටි නගරාධිපතිවරයා, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේ ය.

ඒ අනුව, අභියාචනාධිකරණය මගින්, අගෝස්තු 24 වන දා දක්වා, ඔහු අත් අඩංගුවට නොගන්නැයි නියෝග කළේ ය.

අගෝස්තු 24 වන දා වන අද දිනයේ දී අභියාචනාධිකරණය පවසා ඇත්තේ, නගරාධිපතිවරයා අත් අඩංගුවට ගන්නා ලෙස, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බලාත්මක කරනවා ද නැද්ද යන්න හෙට දිනයේ දී තීන්දු කරන බවයි.

ඒ අනුව, නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම හෝ නොගැනීම හෙට දිනයේ දී තීන්දුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 3 =