නගරාධිපතිගේ උපන්දින සාදය පිළිබදව විමර්ෂණ ආරම්භ කරයි.

0
387
- Advertisement -

නගරාධිපතිගේ උපන්දින සාදය
පිළිබදව විමර්ෂණ ආරම්භ කරයි.

නිරෝධායන නීතීන් උල්ලංඝණය කරමින්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා විසින් සමරන්නට යෙදුණ ඔහුගේ උපන් දින සැමරුම් උත්සවය පිළිබදව පොලිස් විමර්ෂණ ආරම්භ වී ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය රටින් දුරුකිරීමේ අරමුණ ඇතිව, කුරුණෑගල පොලිසිය මගින් දින හතක පිරිස් සජ්ජායනයක් සංවිධානය කර ඇති අතර, නගරාධිපතිවරයා, ඔහුගේ උපන්දිනය යෙදුණු ඊයේ දිනයේ දී ඊට සහභාගී වීම සදහා පොලිස් ස්ථානයට පැමිණ තිබේ.

කුරුණෑගල පොලිස් ස්ථානයට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් කේක් කැපීමක් සිදුකර ඇත්තේ ඒ අවස්ථාවේ දීය.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලූ මහජන ඒකරාශී වීම් සහ උත්සව අත්හිටුවා ඇති අවස්ථාවක අදාල උපන්දින සැමරුම පවත්වා ඇති අතර එමගින් නිරෝධායන නීතින් පැහැදිලිව උල්ලංඝණය වීමක් සිදු ඇති බවත් ඒ පිළිබදව පොලිස් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා තිබේ.

නගරාධිපතිවරයාගේ උපන් දින සාදය සංවිධානය කළ සහකාර පොලිස් අධිකාරීවරයා මේ වන විට මාරු කර යවා ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + eleven =