ධවල මන්දිරය ගංවතුරෙන් යටවෙයි

0
631
- Advertisement -
Share

ඊයේ වොෂින්ටන් වේලාවෙන් පෙරවරු 9 සිට 10 දක්වා මිලිමීටර් 84ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර, එය පැයක් තුළ මිලිමීටර් 56ක වර්ෂාපතනයක් ලැබීමෙන් 1958 වසරේ සටහන් වූ වාර්තාව අභිබවා යනවා.

එමෙන්ම 1871 වසරෙන් පසු වොෂින්ටනයට වඩාත්ම වැසි ඇද හැලෙන ජුලි මාසය මෙයයි.

මේ අතර, ආලින්ටන් සහ වර්ජිනියා ඇතුළු ප්‍රදේශවලට පැයක් තුළ මිලිමීටර් 127ක වර්ෂාපනයක් ලැබී ඇති බව සඳහන්.

එම නිසා උමං දුම්රිය මාර්ග මෙන්ම වොෂින්ටනයේ පටු මාවත් ජලයෙන් යට වූ අතර සිර වී තිබූ මෝටර් රථ ආදිය ඉවතට ගැනීමට විශාල උත්සාහයක් දැරීමට සිදුව තිබෙනවා.

ධවල මන්දිරයට ද ජලය කාන්දු වී ඇති අතර එහි කාර්යාල කාමරවල එලෙස ජලය පිරී ඇති අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =