ධම්මික පැනියට – රජරට වෛද්‍ය පීඨයේ අනුමැතිය පමණක් ප‍්‍රමාණවත් නෑ. සියළු වෛද්‍ය පීඨ නියෝජනය වන ලෙස තවත් මහාචාර්යවරු හය දෙනෙකු පත් කරති.

0
319
- Advertisement -

ධම්මික පැනියට – රජරට වෛද්‍ය පීඨයේ අනුමැතිය පමණක් ප‍්‍රමාණවත් නෑ.
සියළු වෛද්‍ය පීඨ නියෝජනය වන ලෙස තවත් මහාචාර්යවරු හය දෙනෙකු පත් කරති.

කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර ලෙස දැනට දේශීය වෛද්‍ය දැනුම ආශ‍්‍රයෙන් නිෂ්පාදනය කර තිබෙන ඖෂධ පිළිබදව විද්‍යානූකූළ කරුණු තහවුරු කිරීමක් සිදු කරන ලෙස, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට නියෝග කර ඇති බව වාර්තා වේ.
මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික බණ්ඩාර යන අය නිෂ්පාදනය කර තිබෙන ඖෂධය සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පර්යේෂණ පත‍්‍රිකාවක් නිකුත් වීමට නියමිත ය.

කෙසේ වෙතත්, එම ඖෂධය පිළිබදව පර්යේෂණ කිරීම සදහා, මෙරට සෑම වෛද්‍ය විද්‍යාලයක්ම නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබද විශේෂඥ දැනුම ඇති මහාචාර්යවරු පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාවේ සභාපති, මහාචාර්ය, හේමන්ත දොඩම්පහල යන යන අය යොමු කර තිබේ

ඊට අමතරව, කොරෝනා වෛරසය සදහා මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන එන්නත් පිළිබදව හැදෑරීමක් කොට වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා ජාතික පර්යේෂණ සභාවෙන් ඉල්ලා තිබේ.