ධම්මික එන්නේ නෑ, මංගල කියයි

0
619
- Advertisement -

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයක සහයෝගයෙන් මී ළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වීමට සූදානමක් පවතින බවට පැතිර යන කට කතා සත්‍යයෙන් තොර බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ ඡුන්ද දායකයන්ට තමන්ගේ පක්ෂයේ ම ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට අවස්ථාව ලැබෙන බව පවසන අමාත්‍ය මංගල සමරවීර මහතා පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකත්වය ව්‍යාපාරිකයෙකුට දීමේ කිසිදු අදහසක් පක්ෂයට නැති බව ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 15 =