දෝශාභියෝගයකින් ඉවත් කිරීමට පෙර සාමකාමී බල හුවමාරුවකට තමන් සූදානම් බව ට‍්‍රම්ප් පවසයි.

0
358
- Advertisement -

දෝශාභියෝගයකින් ඉවත් කිරීමට පෙර
සාමකාමී බල හුවමාරුවකට තමන් සූදානම් බව ට‍්‍රම්ප් පවසයි.


ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන අනුව, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආ යුතු යැයි විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා එල්ල වීමට පටන් ගැනීමත් සමග, තමන් සාමකාමී බලහුවමාරුවකට සූදානම් බව, ජනාධිපති ට‍්‍රම්ප් පවසා තිබේ.

ට‍්‍රම්ප් ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිදුවීමෙන් අනතුරුව,
ජනාධිපති ට‍්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනෙක් ඉල්ලා අස්වීමට පටන් ගෙන තිබුණි. මේ තත්ත්වය වළක්වා ගැනීමේ උවමනාවද ජනාධිපතිවරයාට ඇති අතර, සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, තමන් දෙවන ධූර කාලයක් අපේක්ෂා නොකරන බවත්, සාමකාමී බලහුවමාරුවකට සූදානම් බවත්, ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ජෝ බයිඞ්න්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපති ට‍්‍රම්ප් මෙතෙක් ඔහුට සුබ පතා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + ten =