“දේශීය පැණිය හැදු තැනැත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ. පැණිය ගැන වගකීමක් ගන්න බෑ.” ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

0
579
- Advertisement -
Share
4 / 100

“දේශීය පැණිය හැදු තැනැත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.
පැණිය ගැන වගකීමක් ගන්න බෑ.”
ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

කොරෝනා ප‍්‍රතිකාරයක් ලෙස දේශීය පැණියක් හදුන්වා දුන්, ධම්මික බණ්ඩාර යන අය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වූ අයෙකු නොවන බව, ජ්‍යේෂ්ඨ පශ්චාත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එමෙන්ම ඔහු විසින් නිෂ්පාදනය කරන ලද එම පැණිය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග‍්‍රාහ කමිටුව විසින් ලියාපදිංචි නොකළ එකක් බවද එම සංගමය පවසා සිටියි.

මේ ආකාරයට නීතිවිරෝධීව නිෂ්පාදනය කරන ලද ඖෂධයක් භාවිතා කිරීමෙන් අහිතකර ප‍්‍රතිඵල අත් වුවහොත්, ඒ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමට තමන්ට නොහැකි බව ඔවුන් පවසයි.

එමෙන්ම, මෙම පැණිය, දේශපාලන අධිකාරියේ උවමනාව මත සිදු කළ බවටද ඔවුන් චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 − one =