“දේශපාලන බල සූදුව වෙනුවෙන් ක්‍රීඩකයන් පීඩාවට පත් කිරීම නවතනු.” අනුරකුමාර දිසානායක

0
407
- Advertisement -

“දේශපාලන බල සූදුව වෙනුවෙන්
ක්‍රීඩකයන් පීඩාවට පත් කිරීම නවතනු.”
අනුරකුමාර දිසානායක

2011 ලෝක ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරගය, ලංකාව විසින් ඉන්දියාවට විකිණුවේ යැයි, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විසින් කරන ලද ප්‍රකාශයට අදාලව විමර්ෂණ අරඹා ඇති ක්‍රීඩාව හා සම්බන්ධ දූෂණ විමර්ෂණය කිරීමේ ඒකකය විසින් අද දිනයේ දී ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කුමාර සංගක්කාර කැදවා තිබුණි.

හෙට දිනයේ දී මෙම විමර්ෂණ ඒකකය විසින් මහේල් ජයවර්ධන ද කැදවා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් මෙසේ විමර්ෂණ ඒකක වෙත කැදවමින් ඔවුන් හිංසාවට පත් කරන්නේ, කිසියම් පිරිසක් විසින් සිදුකරන දේශපාලන බල සූදුවක් නියා යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ක්‍රීඩකයන්ට මෙසේ හිරිහැර කිරීමට එරෙහිව පෙළ ගැසෙන ලෙසට, ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.