“දේශපාලනඥයන් ගහන පදේට නටන එක නවත්වන්න.” අර්ජුන රණතුංග; මුරලිගෙන් සහ සනත්ගෙන් ඉල්ලයි.

0
2492
- Advertisement -

හෝමාගම, දියගම අළුතින් ඉදිකිරීමට නියමිත ක‍්‍රිකට් කී‍්‍රඩාංගනය සම්බන්ධයෙන්, අර්ජුන රණතුංග ද සිය විරෝධය ප‍්‍රකාශ කර තිබේ.

මොරටුව සහ අස්ගිරිය වැනි, ඓතිහාසික තරග කී‍්‍රඩා කළ කී‍්‍රඩාංගන නොතකා හැර තිබියදී, දැවැන්ත මුදලක් වැය කරමින් අළුතින් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන ඉදිකිරීම නිශ්ඵල කාර්යයක් බවයි ඔහු පවසන්නේ.

සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය ඉදිකිරීම සදහා එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් කරද්දී ද තමන් ඊට එක හෙලාම විරුද්ධ වූ බව ඔහු පවසයි.

දඹුල්ල ක‍්‍රීඩාංගනය සහ සූරියවැව කී‍්‍රඩාංගන, විශාල මුදලක් වැය කර ඉදිකර තිබුණද, එම ක‍්‍රීඩාංගන වල ප‍්‍රමාණවත් තරමට කි‍්‍රකට් තරග කී‍්‍රඩා නොකරන බවද ඔහු පවසයි.

මේ මොහොතේ කළ යුත්තේ පාසල් කි‍්‍රකට් දියුණු කිරීම සහ පිට පලාත්වල කි‍්‍රකට් දියුනු කිරීම බවද ඔහු යෝජනා කරයි.

විශේෂයෙන්ම, මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය වැනි, පිට පලාත්වලින් පැමිණ ජාත්‍යන්තරය ජයගත් ක‍්‍රීඩකයන්, දේශපාලඥයන්ගේ පදේට නටන්න නොයා, මේ කාරණා පිළිබදව අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසයි.

පිති තුනක් පමණක් තියාගෙන ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන පාසල්, කොළඹ දිස්ති‍්‍රක්කය තුළ පවා තිබෙන බව පවසන අර්ජුන රණතුංග, පිටපලාත්වල පාසල් කි‍්‍රකට්වල තත්ත්වය ඒ අනුව හිතාගත හැකි බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × one =