දෙවිනුවර දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ පුද්ගලයින් කිහිපදෙනකු අතර ගුටි බැට හුවමාරුවක්

0
622
- Advertisement -
Share

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ආරම්භ වු අද (01) දින කප් සිටුවීමේ චාරිත්‍රය සිදු වන අවස්ථාවේ දී දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ පුද්ගලයින් කිහිපදෙනකු අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී දැඩි නොසන්සුන් තත්වයක් හට ගෙන තිබෙනවා.

වෙනදා එළිමහනේ සිදු කරන කප් සිටුවීමේ චාරිත්‍රය කපු මහතා විසින් මෙවර දේවාලය තුළ සිදු කිරීමෙන් පැමිණ සිටි බැතිමතුන් අපහසුතාවටයට පත් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන තිබෙනවා.

බස්නායක නිලමේවරයාගේ සහෝදරයකු සහ තවත් පුද්ගලයකු දේවාලයේ කපු මහතා සමඟ මෙම ගැටුම ඇති කරගෙන තිබෙනවා.

මේ නිසා බැතිමතුන්ට සුපුරුදු පරිදි කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් කිරීමට යන බව එම දේවාලයේ ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණ තේනබදු මහතා පැවසීය. කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්තාවය පොලීසිය මැදිහත් වී පාලනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 14 =