දෙවන විශේෂඥ කමිටුවේ සාමාජිකයන් 11 ම මෘත දේහ භූමදානයෙන් වෛරසය ව්‍යාප්ත නොවන බව එකහෙළා පවසති.

0
523
- Advertisement -

දෙවන විශේෂඥ කමිටුවේ සාමාජිකයන් 11 ම
මෘත දේහ භූමදානයෙන් වෛරසය ව්‍යාප්ත නොවන බව එකහෙළා පවසති.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගල මෘත දේහ භූමදානයට ඇති හැකියාව සොයා බැලීම සදහා, අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පත්කරන ලද දෙවන විශේෂඥ කමිටුව, ඔවුන්ගේ නිර්දේශය ඇතුළත් වාර්තාව, පසුගිය තිස්වන දා සෞඛ්‍ය අමාත්‍යවරියට භාර දී ඇති බව වාර්තා වේ.

එම වාර්තාවට අනුව, මෘත දේහ භූමදානයෙන් වෛරසය ව්‍යාප්ත වන බවට කිසිදු සාක්ෂියක් නැති බව ඔවුන් දැනුම් දී තිබේ.

දෙවන විශේෂඥ කමිටුවට සාමාජිකයන් එකොළොස් දෙනෙකු ඇතුළත් වූ අතර, එම සාමාජිකයන් එකොළොස් දෙනාම, ඒකමතිකව එම ස්ථාවරයේ රැුදී සිටීම විශේෂත්වයකි.

කොරෝනා වසංගතය යනු ශ්වසන රෝගයක් බැවින්, මෘත දේහ භූමදානයෙන් කිසිදු ගැටළුවක් පැන නොනගින බවත්, මෘත දේහ පෙට්ටියක තැන්පත් කිරීමට පෙර, ස්ථර දෙකකින් සමන්විත ශරීර බෑගයක බහාලිය යුතු බවටත් නිර්දේශ කර තිබේ.

විශේෂඥ කමිටුවේ සාමාජිකයන් 11 දෙනා, වෙන වෙනම කැදවා, අමාත්‍ය පවිත‍්‍රා වන්නි ආරච්චි සහ අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ යන දෙදෙනා විසින් මේ සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බව ද වාර්තා වේ.


daily mirror පුවත්පත ඇසුරෙනි.