දෙමළ ජාතිය වනසන්න හැදු හමුදාව හොද නම ගන්න පාසල් රකින්න ඇවිත් – දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්

0
632
- Advertisement -
Share

යුධ සමයේදි දෙමළ ජාතියම විනාශ කිරිමට දායක වූ යුධ හමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටිමින් හොද නාමය ලබාගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්, ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කිලිනොච්චි පුනරීන් පිරන්මන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 84ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් ඉකුත් 04 වැනිදා විවෘත කිරිමේ උත්සවය අමතමින්ය.

“අද මම පාසලට එන විට මාර්ගයේ ඉදිරියෙන්ම සිටියේ යුධ හමුදාව. මේ වෙනකොට යුධ හමුදාව දාලා තියෙන්නෙ දකුණෙ බෝම්බ පුපුරන ස්ථානවල නෙමෙයි, මේ වගේ පළාත්වල සාමාන්‍ය පාසල්වලට යුධ හමුදාවන් දාලා ළමයි ආරක්ෂා කරනවා කියලා හොද නම ගන්න තමයි දාල තියෙන්නෙ,

මේ නිසා මම මේ දරුවන්ට කියනවා ඔයාලා ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න ඔයාලගේ තාත්තලා කී දෙනෙක් මැරුව ද? සහෝදරයින් කී දෙනෙක් මැරුවද?කියලා. හොද අය වගේ රගපාමින් ඉන්නවා ඒ වගේම දෙමළ වචනයක්වත් දන්නෙ නැති මේ අය කොහොමද දෙමළ ජනතාවට උදව් දෙන්නෙ” යනුවෙන්ද මන්ත්‍රීවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − four =