දෙමව්පියන්ගේ මංගල යෝජනා වලට අකමැති වූ දියණිය අධිකරණයේ නඩු දමයි

0
893
- Advertisement -

රැකියාවක් කර ස්වාධීනව ජීවත්වීමට තරුණ දියණියක ගත් තීරණයට දැඩිව විරුද්ධ වෙමින් විවාහවන ලෙස බලකරමින් ඇයට වධ හිංසා කල බව කියන මවුපිය යුවළකට පැමිණිලි දියණිය පීඩාවවට පත්කිරීම සහඇය රැදී සිටින ස්ථානයට යෑම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 11 වෙනිදා ආරක්ෂක ආඥාවක් නිකුත් කළේය

සැප්තැම්බර් මස සිට 12 වෙනිදා සිට ඉදිරියට වසරක් බලපැවැත්වෙන පරිදි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. එම 24 හැවිරිදි තරුණිය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගනිමිණි

පැමිනිලිකාර දියණියට තාවකාලිකව පදිංචි ස්ථානයකට ඇතුළු වීම හෝ ඇය පීඩාවට ලක්කිරීම වලකාලමින් ද ඇය රැකියාව කරන ස්ථානයට ඇතුලු වීම වළකාලමින්ද ඇයට සහ ඇයට සහාය දක්වන යම් පුද්ගලයෙකුට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම වලකාලමින් ද මෙම ආරක්ෂණ ආඥාව අධිකරණය විසින් නිකුත් කර තිබේ