“දෙන්නම හිරකාරයෝ. පිල්ලෙයාන්ට එක ආකාරයකටත් බදියුදීන්ට තවත් ආකාරයකටත් සලකන්නේ ඇයි…?” ලක්ෂ්මන් කිරිඇල්ල අසයි.

0
219
- Advertisement -

“දෙන්නම හිරකාරයෝ. පිල්ලෙයාන්ට එක ආකාරයකටත් බදියුදීන්ට තවත් ආකාරයකටත් සලකන්නේ ඇයි…?”
ලක්ෂ්මන් කිරිඇල්ල අසයි.


බන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ආණ්ඩුව විශේෂ වරප‍්‍රසාද ලබා දෙන බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මෙම විශේෂ වරප‍්‍රසාද කිසිවක් රිෂාද් බදියුදීන්ට හිමි නොවන බවද ඔහු චෝදනා කරයි.

මඩකලපුවේ පැවැත්වෙන උත්සව සදහා සහභාගී වීමේ අවස්ථාව රජය විසින් පිල්ලෙයාන්ට ලබා දී තිබේ. නමුත්, අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමේ අවස්ථාව පවා බදියුදීන්ට ලබා දී නැත.

බදියුදීන් රදවා සිටින්නේ, කොරෝනා ආසාදිතයන් සමග බවද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.