දුෂණ චෝදනා එල්ල වී තිබෙන මහජන බැංකු සභාපති අගමැතිගේ නියෝගයෙන් ඉවතට..?

0
620
- Advertisement -

දුෂණ චෝදනා එල්ල වී තිබෙන මහජන බැංකු සභාපති අගමැතිගේ නියෝගයෙන් ඉවතට..?

දුෂණ චෝදනා රැුසක් එල්ල වී තිබෙන මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ එම දුරයෙන් ඉවත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාටත් භාණ්ඩාගාර ලේකම්ටත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මහජන බැංකු සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතා තමන්ටම අයත් සමාගමක් වෙනුවෙන් රුපියල් මිලියන 25ක ණය මුදලක් මහජන බැංකුවෙන් ම අනුමත කරගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විපක්ෂය විසින් චෝදනා කරන ලදී.

ඊට අමතරව සමගි ජන බලවේගයේ තරුණ බලවේගය නියෝජනය කරමින් මයන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් ද පසුගිය දා මහජන බැංකු සභාපතිවරයාට එරෙහිව මහබැංකු අධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + ten =