දුෂණය ඉහවහා ගිහින්. පොහොට්ටු පක්ෂයට බලය හිමි බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ අපේ‍්‍රල් වැය ශීර්ෂය පරාදයි.

0
1585
- Advertisement -

පොහොට්ටු පක්ෂයට බලය හිමි, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ, අපේ‍්‍රල් මාසයේ වැය ශීර්ෂය, වැඩි ඡුන්ද හතකින් පරාජයට පත් වී තිබේ.

වැය ශීර්ෂයට පක්ෂව ලැබී ඇත්තේ ඡුන්ද 07 ක් පමණි. විපක්ෂව ඡුන්ද 14 ක් ලැබී තිබේ. අට දෙනෙකු ඡුන්දය දීමෙන් වැළකී සිට තිබේ.

ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කළ වැය ශීර්ෂයට, පොහොට්ටු පක්ෂයේම ඇතැම් මන්ත‍්‍රීවරු විරුද්ධව ඡුන්දය භාවිතා කිරීම, විශේෂත්වයකි.

වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ, ප‍්‍රාදේශීය සභාව තුළ සිදුවන දුෂණ වංචා පිළිබදව උණුසුම් විවාදයක් සිදුව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + nine =