දුෂකයන් 33 දෙනෙක් – මාස නමයක් තිස්සේ පහළොස්වියැති දැරියක් සමූහ අපයෝජනයට ලක් කරයි.

0
562
- Advertisement -

දුෂකයන් 33 දෙනෙක් – මාස නමයක් තිස්සේ
පහළොස්වියැති දැරියක් සමූහ අපයෝජනයට ලක් කරයි.

පුද්ගලයන් 33 දෙනෙකු විසින් මාස නමයක් තිස්සේ පහළොස් වියැති දැරිය සමූය අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වේ.

පහළොස්වියැති මෙම දැරිය මුලින්ම බලහත්කාරයෙන් අපයෝජනය කර ඇත්තේ ඇගේ පෙම්වතා විසිනි. ඔහු එම සිදුවීම වීඩියෝපටිගත කර තිබෙන අතර, පසුව එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහරින බව පවසා ඔහුගේ මිතුරන් හා එක්ව නැවත නැවතත් එම දැරිවිය සමූහ අපයෝජනයට ලක් කර තිබේ.

මේ වන විට අදාල සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.
දැරිවිය සමූහ අපයෝජනයට ලක්කර තිබෙන පුද්ගලයන් තිස්තුන් දෙනාම ඈ දන්නා අය බවයි වාර්තා වන්නේ.

2020 වසරේ දී පමණක් ඉන්දියාව තුළ බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 28,046 ක් වාර්තා වී තිබේ.

වාර්තා වූ ගණන මෙය වුවත්, සැබෑ ප‍්‍රමාණය මීට වඩා බොහෝ ඉහළ අගයක් ගන්නා බවයි ඒ පිළිබදව පර්යේෂණ කරන කණ්ඩායම් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =