දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා තැබූ අත්සන මනෝ ගනේශන් ඉවත් කර ගනී.

0
305
- Advertisement -
Share
4 / 100

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා තැබූ අත්සන මනෝ ගනේශන් ඉවත් කර ගනී.


මරණ දඩුවම ලබා බන්ධනාගාරගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙසට ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු අත්සන් තබන ලද පෙත්සමට තමන් ද අත්සන් කළ බව විපක්ෂය නියෝජනය කරන, හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පිළිගෙන තිබුණි.

දුමින්ද සිල්වා නිදහස් කරන්නේ නම්, දැනට අත් අඩංගුවේ පසුවන ද්‍රවිඩ ජාතික දේශපාලන සිරකරුවන් ද නිදහස් කළ යුතු බව ඔහු යෝජනා කර තිබුණි.

කෙසේ වෙතත්, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමට අත්සන් තැබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් තමන්ට විවෙචන එල්ල වන බව මනෝගනේශන් මහතා පවසයි.

දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා සිටීමත්, මිනීමරුවකු නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමත් එකිනෙකට පරස්පර ඉල්ලීම් දෙකක් ලෙස ඇතැම් පාර්ශ්ව දකින බවද ඔහු පවසා සිටියි.

තමන් ගත් තීරණය සම්බන්ධයෙන්, සාධාරණ සහ අසාධාරණ විවේචන එල්ල වී ඇති බව පවසන හිටපු අමාත්‍යවරයා, කෙසේ වෙතත්, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් කළ පෙත්සමට තමන් තැබූ අත්සන – ඉලලා අස්කරගන්නා බව සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 2 =