දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ගෙන් මහින්දට පෙත්සමක්.

0
3548
- Advertisement -
Share

භාරත ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා, ආණ්ඩුව නියෝජනය කරන මන්ත‍්‍රීවරු, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව, පසුගිය ඉරිදා නිකුත් වූ සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මන්ත‍්‍රීවරුන්ගේ අභිප‍්‍රාය වී ඇත්තේ, ඔවුන්ගේ එම ඉල්ලීම, අග‍්‍රාමාත්‍යවරයා හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබීමට සැලැස්වී ම යි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර, මහනායක හිමිවරුන්ගේ අදහස් ලබා ගැනීමටත්, රෝයල් පාර්ක් නඩුවේ මරණ දඩුවම ලබා සිටි ජූඞ් ෂර්මන්තට නිදහස ලබා දීමෙන් පසුව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ ජනතා විරෝධය පිළිබදව සැලකිලිමත් වීමටත්, ඉහළ දේශපාලන අධිකාරිය තීරණය කර ඇති බවද පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − two =