“දුමින්ද සහ චන්ද්‍රසේන නිරෝදායනය මඟ හරිති.” අනිද්දා පුවත්පත වාර්තා කරයි.

0
1223
- Advertisement -
Share

දුමින්ද සහ චන්ද්‍රසේන
නිරෝදායනය මඟ හරිති.
අනිද්දා පුවත්පත වාර්තා කරයි.

රාජාංගණයේ පළමු කෝවිඞ් ආසාදිතයා ලෙස හදුනාගත් පුද්ගලයා පැමිණ ඇති අවමංග්‍ය උත්සවයට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැමිණීම නිසා ඔවුන්ට ස්වයං නිරෝදායනය වන ලෙනස එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇතත් එම උපදෙස් පිළිනොපැද මැතිවරණ කටයුතුවල නියැලෙන බව වාර්තා වේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය නිළධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අපේක්ෂකයන් දෙදෙනාට මෙම දැනුම්දීම වාචිකව සිදුකර ඇත්තේ ජූලි මාසයේ 14 වනදා ය.

මේ පිළිබදව කරුණු විමසන්නට එම අපේක්ෂකයන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ ගත් නමුත්, එම උත්සාහය අසාර්ථක වූ බව සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කරයි.

ඉහත සදහන් කරන ලද අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දහසකට ආසන්න පිරිසක් නිරෝදායනයට යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 16 =