දුම්රිය සේවක වැඩවර්ජනයෙන් මගීන් රැසක් අපහසුතාවයට

0
703
- Advertisement -

දුම්රිය සේවකයින් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනයෙන් මගීන් රැසක් දැඩි පීඩාවට පත් ව සිටිනවා.

වාර්තාවන පරිදි දිවයිනේ බොහෝ ප්‍රධාන දුම්රිය ස්ථානවලින් අද අලුයම දුම්රිය ධාවනය සිදු වී නැත.

මේ හේතුවෙන් දුම්රියෙන් කාර්යාලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බොහෝ පිරිසක් පීඩාවට පත් ව ඇතැයි ඔවුන් සඳහන් කළා.

වැඩවර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය කිහිපයක් ද අවලංගු කර තිබුණා.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණා.

රජය ප්‍රකාශ කළේ සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විධිමත් ලෙස ඊට විසඳුම් ලබා දීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

එහෙත් එම ඉල්ලීම නොසලකා දුම්රිය සේවකයින් වර්ජනයේ නිරත වනවා.

කෙසේ වුවද දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව වර්ජකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා.