දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගත් පොහොට්ටු මන්ත්‍රීවරියට එරෙහිව පැමිණිලි ගොනු කර තිබු දුම්රිය සේවකයාට කිසියම් පිරිසක් විසින් පෙට්‍රෝල් බෝම්බ ගසයි.

0
1090
- Advertisement -

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක සේවයේ උතුරු සහ නැගෙනහිර පළාත භාර සහකාර ආරක්ෂක අධිකාරි ආර්.බි.ආනන්ද රත්නමලල මහතා ඉලක්ක කොට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (26) රාත්‍රී 11.45 ට පමණ එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ ඒ මහතා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

ඒ මහතා නවාතැන් ගෙන සිටි අනුරාධපුර පැරණි දුම්රිය ස්ථානයට නුදුරු අඟුරු මඩුව ප්‍රදේශයේ පිහිටි දුම්රිය ආරක්ෂක කාර්යාල පරිශ්‍රයේ ඒ මහතා නවාතැන් ගන්නා කාමරයේ ජනෙල් වීවෘත කොට නිදා සිටියදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇත.

එම බෝම්බ ප්‍රහාරයෙන් සිය සිරුරට ගිනි ඇවිලුණු අවස්ථාවේ ආනන්ද රත්නමලල මහතා තම නිදන කාමරයට යාබදව පිහිටි නාන කාමරයට දිව ගොස් ජල කරාමය විවෘත කොට සිරුරට ඇවිලී තිබු ගින්න තමන් විසින්ම නිවා ගැනීමට සමත්වී තිබේ.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් සිය නිදන කාමරය පුරා ඇවිලෙමින් තිබු ගින්නද නාන කාමරයෙන් ලබා ගත් ජලයෙන් නිවා දමා පාලනය කර කාර්යාල පරිශ්‍රයෙන් පිටතට ගොස් ඒ බව අසල දුම්රිය නිල නිවාසයක පදිංචිව සිටින දුම්රිය ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකුට දැනුම් දී තමන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන යන ලෙස ඉල්ලා ඇත.

අනුරාධපුර දුම්රිය නිල නිවාස සංකීර්ණයට යාබදව පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන නිවසක් ඉදි කිරීම සම්බන්ධයෙන් සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා විසින් අනුරාධපුර පොලිසිය වෙත මීට පෙර ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබු බව සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන අනුරාධපුර පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

මව්බිම වෙබ් අඩවියෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − seven =