දීපාලී ගේ නම ඊයෙත් ප‍්‍රතික්ෂේපයි…!

0
687
- Advertisement -

පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබූ දීපාලී විජේසුන්දර විනිසුරුවරියගේ නම, ඊයේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාව නැවත වතාවක් ප‍්‍රතික්ෂේප කර තිබේ. මීට පෙර ද දීපාලී විජේසුන්දර මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණු අතර, අගවිනිසුරු නලීන් පෙරේරා මහතා, අභියාචනාධිකරණයේ සභාපති ධූරය සදහා දීපාලී මහත්මිය පත් කිරීම සම්බන්ධයෙන් සිය නොඑකඟතාවය පළ කර තිබුණි. ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, තමන් ඉදිරිපත් කරන නම් ව්‍යවස්ථාදායක සභාව දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට ප‍්‍රකාශ කළේ ය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 2 =