දිවයින පුරා ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං තවදුරටත්

0
492
- Advertisement -
Share

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයත්, දිවයිනේ සහ විශේෂයෙන් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (70-80)පමණ දක්වා වන ඉතා තද සුළං ද, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ දක්වා තද සුළං ද ඇති වීමේ ඉඩකඩ තිබෙනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150) ක පමණ තද වර්ෂාපතනයන්ද, වයඹ පළාතෙත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩිතරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීමේ අවධානමක්ද පවතිනවා. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =