දිල්ලියේ හතරෙන් එකකට කොරෝනා.

0
396
- Advertisement -
Share

දිල්ලියේ හතරෙන් එකකට කොරෝනා.

ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙක් බවට පත්ව ඇතිබව වාර්තා වේ.

අහඹු ලෙස කරන පී.සී.ආර්. පරීක්ෂණ මගින් මෙය තහවුරු වී ඇති බව පැවසේ.

දිල්ලියේ පුද්ගලයන් 21,387 දෙනෙකු සම්බන්ධයෙන් පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර, ඉන් 23.48% ක පුද්ගලයන් ප්‍රමාණයක් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

දිල්ලියේ ජනගහනය මිලියන 19.8 ක් වන අතර, නිල වශයෙන් ආසාදිතයන් බවට තහවුරු වී ඇත්තේ, 123,747 ක් පමණි. මෙම සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් ඉහළ යා යුතු බව පැවසෙන අතර, බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් වී සිටීම නිසා, සංඛ්‍යා ලේකන නිවැරදි නොවන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 10 =