දිල්ලියේ ලක්ෂ 25 ක් මුස්ලිම්වරු මෝදිට එරෙහිව ඡන්දය දමති..!

0
678
- Advertisement -

මේ වන විට පැවැත්වෙමින් තිබෙන දිල්ලි ප‍්‍රාන්ත මැතිවරණයෙන් අරවින්ද් කේජ්රිවාල් ගේ නායකත්වයෙන් යුතු ආම් ආද්මී පක්ෂය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත් කර ගනු ඇති බවට පුරෝකථනය කරයි.

දිල්ලියේ ජීවත් වන මුස්ලිම් වරු, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බලයට පත්වනවාට තිබෙන අකමැත්ත මත, අර්වින්ද කේජ්රිවාල්ගේ ආම් ආද්මී පක්ෂයට ඡුන්දය දීමට තීරණය කර තිබේ.

මෝදිගේ රජය විසින් හදුන්වා දෙන ලද නව පුරවැසි නීතියට එරෙහිව ඉන්දියාවේ මුස්ලිම්වරු පසුගිය කාලය මුළුල්ලේ ම විරෝධතා පැවැත් වී ය.

සෝනියා ගාන්ධි නායකත්වය දෙන කොන්ග‍්‍රස් පක්ෂයට දිල්ලි ප‍්‍රාන්ත මැතිවරණයෙන් එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වනු ඇති බව පැවසේ.

ඡන්ද ගණන් කිරීම නිල වශයෙන් සිදු වන්නේ ලබන එකොළොස්වන දා ය. ඒත් ඡන්දය ප‍්‍රකාශ කර එළියට එන ඡන්ද දායකයන්ගෙන් ඔවුන් ඡන්දය ප‍්‍රකාශ කළේ කාටද කියා විමසා – ප‍්‍රතිඵල පුරෝකථනය කිරීමේ සම්ප‍්‍රදායක් ඉන්දියාවේ පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 18 =