දිල්ලියේ ප‍්‍රචණ්ඩකි‍්‍රයාවලින් මිය ගිය ගණන 35 ක්. හින්දු භක්තිකයෝ මැරයන්ගෙන් මුස්ලිම්වරු බේරා ගනිති.

0
428
- Advertisement -

පසුගිය ඉරිදා දිනයේ සිට පවතින ගැටුම්වලින් දිල්ලියේ මිය ගිය ගණන 35 ක් බව වාර්තා වේ.

මෝදිගේ නව පුරවැසි පනතට පක්ෂපාත පිරිස් විසින් එම පනතට එරෙහි පිරිස් ඉලක්ක කර ගනිමින් ප‍්‍රචණ්ඩත්වය දියත් වී තිබේ.

හින්දු අන්තවාදී මැර කල්ලි – දිල්ලියේ මුස්ලිම් ජාතිකයන් ජීවත් වන ගම්මාන වෙත කඩා පැන පහර දෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, බොහෝ මුස්ලිම් ජාතිකයන් පවසන්නේ, මෙම පහර දීම් සංවිධානාත්මක මැරයන් විසින් සිදු කරන බවත්, අසල්වැසි හින්දු භක්තිකයන් තමන් ආරක්ෂා කිරීම සදහා මැදිහත් වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − twelve =