දිල්රුක්ෂි-සේනාධිපති ආන්දෝලනාත්මක හඩපටය; අදහස විකෘති වන ලෙස සේනාධිපති විසින් හඬපටය සංස්කරණය කර ඇති ඔප්පු වේ. දිල්රුක්ෂී නැවත සේවයේ පිහිටුවීමට නිර්දේශ කරයි.

0
1098
- Advertisement -

දිල්රුක්ෂි-සේනාධිපති ආන්දෝලනාත්මක හඩපටය;
අදහස විකෘති වන ලෙස සේනාධිපති විසින්
හඬපටය සංස්කරණය කර ඇති ඔප්පු වේ.
දිල්රුක්ෂී නැවත සේවයේ පිහිටුවීමට නිර්දේශ කරයි.

නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්ෂි ඩයස් මහත්මිය අතර සිදු වූ දුරකථන සංවාදයක්, නිශ්ශංක සේනාධිපති විසින් සමාජ මාධ්‍යයට මුදා හැරියේ ය.

නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්ෂි ඩයස් මහත්මිය අතර සංවාදය සිදුව තිබුණේ, දිල්රුක්ෂී ඩයස් මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටිය දී ය.

පසුව ඇය, සොලිසිටර් ජෙනරාල් ලෙස පත් කර තිබුණු අතර, මෙම හඩපටය සමාජ ගත වීමත් සමග, නීතිපතිගේ උපදෙස් මත, රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් ඇය සොලිසටර් ජනරාල් ධූරයෙන් ඉවත් කළේ ය.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණු එම හඩපටය, සංස්කරණය කරන ලද එකක් බව, පරිපාලන අභියාචනා විනිශ්චය සභාවක් මගින් තහවුරු කරතිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසම මගින් වැඩ තහනමට ලක් කර සිටින දිල්රුක්ෂී ඩයස් මහත්මිය, නැවත සේවයේ පිහිටුවන ලෙස එම අභියාචනා විනිශ්චය සභාව යෝජනා කර සිටියි.

කෙසේ වෙතත්, දිල්රුක්ෂී ඩයස් මහත්මිය පසුගිය ජූලි තිස්වනදා විශ‍්‍රාම යෑමට නියමිතව තිබුණි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වාර්තාවක් ද ඇතුළුව විශේෂඥ කණ්ඩායමක් විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ, නිශ්ශංක සේනාධිපති විසින් අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ, මූලික අදහස විකෘති කරන ලද හඩපටයක් බවයි.

අදාල හඩපටය තමන්ට අවශ්‍යලෙස සංස්කරණය කළ බව නිශ්ශංක සේනාධිපති ද පිළිගෙන තිබේ.

නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්ෂි ඩයස් මහත්මිය අතර සංවාදය සිදුව ඇත්තේ එවකට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනය හරහා ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක වජිර අබේවර්ධනගෙන් ප‍්‍රකාශයක් සටහන්කරගෙන නැති අතර, ඔහුගේ දුරකථනය ද පරීක්ෂාවට ලක් කර නැත.

දිල්රුක්ෂී ඩයස් මහත්මිය සමග හැකි ඕනෑම අවස්ථාවක දී දුරකථන සංවාදයකට යෑමටත්, ඒ ඕනෑම අවස්ථාවක දී එම දුරකථන සංවාදය පටිගතකර ගැනීමටත්, නිශ්ශංක සේනාධිපති සැලසුම්සහගත පෙර සූදානමක සිටි බව පැහැදිලි ය.

මේ අතර, දිල්රුක්ෂී ඩයස් මහත්මිය, නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇති බව ද පැවසේ.


සන්ඬේ ටයිම්ස් වෙතින් උපුටා ගෙන සංස්කරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 13 =