දිල්රුක්ෂිට සේනාධිපතිව සම්බන්ධ කරලා දුන්න ඩීල් ඇමති කවුද..?

0
742
- Advertisement -

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක දිල්රුක්ෂි ඩයස් මහත්මිය අතර ඇති වූ දුරකථන සංවාදය සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

මෙම දුරකථන ඇමතුම සෘජුව නිශ්ශංක සේනාධිපති විසින් දිල්රුක්ෂි ඩයස් මහත්මියට ගනු ලැබූවක් නොවේ. එය කිසියම් ඇමතිවරයෙකු මැදිහත් වී නිශ්ශංක සේනාධිපතිට – දිල්රුක්ෂි ඩයස් මහත්මියව සම්බන්ධ කර දීමෙන් පසුව ඇති වී තිබෙන සංවාදයකි.

කෙසේ වෙතත්, තමන් ගේ ආයතනය මගින් අල්ලස් විමර්ෂණයක් සිදු කරමින් සිටින චූදිතයෙකු සමග එම ආයතනයේ ප‍්‍රධානියා ලෙස දිල්රුක්ෂි ඩයස් මහත්මිය දුරකථන සංවාදයක යෙදීම සදාචාරාත්මක නොවන බව බොහෝ දෙනා පවසති.