දින විසි එකක් වයස බිළිදා බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව පනවා ඇති නඩුවෙන් විනිසුරු නවාස් ඉවත් වෙයි.

0
360
- Advertisement -

දින විසි එකක් වයස බිළිදා බලහත්කාරයෙන්
ආදාහනය කිරීමට එරෙහිව පනවා ඇති නඩුවෙන්
විනිසුරු නවාස් ඉවත් වෙයි.


දින විසි එකක් වයසැති බිළිදෙකු – එම බිළිදාට කොරෝනා ආසාදනය වී ඇති බව පවසමින්, දෙමව්පියන්ගේ අවසරය ලබා ගැනීමකින් තොරව ආදාහනය කිරීමට එරෙහිව, දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ විමර්ෂණ කටයුතු වලින් තමන් ඉවත්වන බව, ශේ‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

දින විස්සක් වයසැති මේ බිළිදා ආදාහනය කිරීමේ සිදුවීම, ආන්දෝලනාත්මක සිදු වීමක් වූ අතර, දරුවා, කොරෝනා ආසාදිතයෙකු බව පවසා තිබුනද, ඒ බව සනාත කළ හැකි කිසිදු සාක්ෂියක් රෝහල් බලධාරීන් විසින් බිළිදාගේ දෙමව්පියන් වෙත ලබා දී නොතිබුනි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බළධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංයේ ඉහළ නිළධාරීන් පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස නම් කර තිබේ.