දිනේශ් ගුණවර්ධන සහ අලි සබ්රි එන්.ජී. ඕ. නියෝජිතයෝ හමුවෙති. මානවහිමිකම් සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ගැන සාකච්ඡ කරති.

0
224
- Advertisement -

දිනේශ් ගුණවර්ධන සහ අලි සබ්රි
එන්.ජී. ඕ. නියෝජිතයෝ හමුවෙති.
මානවහිමිකම් සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ගැන
සාකච්ඡ කරති.


විදේශකටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන සහ අධිකරණ ඇමති අලි සබ්රි, පසුගිය දා මෙරට රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් හමුවී ඇති බව ”ද මෝර්නිං” පුවත්පත වාර්තා කරයි.

ජාතීන් අතර සංහිදියාව සහ රටේ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන්, රජය විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන බව, විදේශ කටයුතු අමාත්‍යවරයා, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට කරුණු පැහැදිලි කර තිබේ.

මෙම හමුවේ දී, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙන තිබෙන පියවර පිළිබද පැහැදිලි කිරීමක් සිදු කර තිබෙන බවද ”ද මෝර්නිං” පුවත්පත වාර්තා කරයි.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි, ආචාර්ය ජෙහාන් පෙරේරා, ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ ආචාර්ය හිල්මි අහමඞ්, ඇතුළු පිරිසක්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිත පිරිසට ඇතුළත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + seven =