“දැන් තත්ත්වය බරපතලයි.” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

0
445
- Advertisement -

දැන් තත්ත්වය බරපතලයි.
සෞඛ්‍ය අංශ බලධාරීන්, රටේ සැබෑ තත්ත්වය සගවයි.
උත්සව සමයේ – සංචරණ සීමා ලිහිල් කිරීම විශාල වරදක්.
මූලාශ‍්‍ර නැති රෝගීන් රට පුරා හමු වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

රට තුළ, කොරෝනා වසංගතය බරපතල අදියරකට පැමිණ ඇතැයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරු චෝදනා කරති. ඒ නමුත්, සෞඛ්‍ය අංශ බලධාරීන් මේ තත්ත්වය දේශපාලනඥයන්ගෙන් සගවන බවද ඔවුන් පවසයි.

උත්සවය සමයේ සංචරණ සීමා පනවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කරන ලද ඉල්ලීම, රජය නොතකා හැරිය බවත්, ඒ හේතුවෙන්, මේ විට, ත‍්‍රිකුණාමලය, පොලොන්නරුව, පුත්තලම, ගාල්ල, මාතර, අනුරාධපුරය ඇතුළු දිස්ත‍්‍රික්ක රැුසකින් විශාල වශයෙන් රෝගීන් හමුවන බවත්, ඇතැම් රෝගීන්ට රෝගය වැළදුණු ආකාරය සොයා ගත නොහැකි බවත් ඔවුන් පවසයි.

daily mirror.lk

පසු ගිය නත්තල් උත්සව සමයේ සහ නව අවුරුදු උත්සව සමයේ රට තුල අවම වශයෙන් දිස්ත්‍රික් සංචරණ සීමා පනවන ලෙස අප සංගමය ඉල්ලා සිටි අතර එය සිදු නොකළහොත් 2021 වසරේ ජනවාරි දෙවන සහ 3 වන සති වන විට අගනුවරින් බැහැර ප්‍රදේශ වල COVID 19 ආසාදනය පාලනය කල නොහැකි මට්ටමින් පැතිර යා හැකි බවටත් අනතුරු ඇඟවූවෙමු.කෙසේ වුවත සං චරණ සීමා නොපැන වූ අතර ඒ තීරණයට මේ වන විට ජීවිත වලින් සමස්ථ රට වැසියන් වන්දි ගෙවමින් ඇත.පවතින තත්වය අනුව ඉදිරි සති කිහිපය මීටත් වඩා අවාසනාවන්ත තත්වයක් උද්ඝත වෙනු ඇති බැවින් සියලු දෙනාගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඉල්ලා සිටීම හැර අපට වෙන කල හැක්කක් නොමැත.කෙසේ වෙතත් අප විසින් මේ රටේ නිර්ධන පන්තියේ අහිංසක මිනිසුන්ගේ ජීවිත රැක ගැනීම සඳහා උපරිම ශක්තිය ලබා දෙන බව සිහිපත් කල යුතුය.එසේම මෙම තත්වය මහජන නියෝජිතයින්ගේ වරදක් නිසා සිදු වුවක් නොව ඔවුන්ට උපදෙස් දෙන මහජන මුදල් අන්තිම සත්‍ය දක්වා සුරාකමින් වැටුප් ලබන සුදු කරපටි කාරයින්ගේ කෙරුවාව නිසා උද්ඝත වෙමින් පවතින බව මහජනතාව අවබෝධ කරගත යුතුය.ඔවුන්ට මෙයින් කිසිම ගැටළුවක් ඇති නොවන්නේ කරපටි වලින් මුවා වී සමාජයට සුන්දර බස් තෙපලමින් නිරෝධායන නීති කඩන්ඔට නීතියේ සමානාත්නතාවය විනාශ කරන්මට නබගේ අවසනු රුපියල දක්වා සුරා කෑමට ඔබගේ දාඩිය සුවඳ නොදැනෙන මානයේ ශීත කාමර වල වසන්නනට සහ දුහුවිලි බොරළු නොදැනෙන මානයේ ශීත වාහන වල යන්නට ඔබ විසින් සමාජ ක්‍රමය සකසා දී ඇති නිසාවෙනි. – උපුල් රෝහණ